Monday 29 May 2023

ප්‍රියා සමග ඉරිදාවක් - මංජුල සේනාරත්න

 ප්‍රියා සමග ඉරිදාවක් - මංජුල සේනාරත්න



ආදරය පුද්ගල ජීවිතයට අවැසි දෙයකි.එම ආදරය අප විවිධ වූ අවස්ථාවන් වල විවිධ වූ තැන්වල මෙන් ම විවිධ වූ පුද්ගල සබදතා තුළින් අප ලබා ගන්නේ ය.ඒ අන්දමට එක කෘතියක් තුළ විවිධ වූ හදවත් රාශියක් එකලු කරන්නට සමත් වූ කෘතියක් වශයෙන් "ප්‍රියා සමග ඉරිදාවක්" දැක්විය හැකිය.

මෙහි හමුවනා චරිත හරි සුන්දර ය.ඇතැම් චරිත් ප්‍රශ්නාර්ථයක් ද ගෙන දුන්නේ ය.නුවන් නාමලී ,සරත් නාලිනී ,නදීකා ,හරන් රාධා , සෙනවිරත්න ප්‍රියංකා ආදී වූ මේ සියලු ආදර අන්දරයන් තුළින් අපට පසක් කරන්නේ එකිනෙකට වෙනස් වූ ආදරයන් ය.

මෙම කතා සියල්ල කියවා යන විට ආදරය කියන දේ තදින් ම සිතට දැනුණු තැන් මෙන් ම ප්‍රිය විප්පයෝගයම හෘදය වස්තුවට ම කා වද්දන අන්දමින් මා හට දැනෙන්නට විය.විරූපික දරුවෙකුට ආදරය රාධාගේ උතුම් මව් ගුණය සේ ම දරුවන් සමග ජෑම් ගස් යට හෙවණේ වරු ගණන් හීන දකිනා ප්‍රියාගේ මාතෘත්වය ද සෙනෙහය හද තුළ පුරවන්නට සමත් විය.

මේ කතා සියල්ලන් ගෙන් වඩාත් සිත් ගත් මෙන් ම අනෙක් සියල්ලම අමතක කොට හිත නිවෙනා ආදරයකට රැගෙන යන්නා වූ සොදුරුතම තැන ප්‍රියා සහ සෙනෙවිරත්න ආදරය අවසන් නොවී තිබුණා නම් කියා සිතුණු වාර මා හට අනන්තය අප්‍රමාණය.

මා මෙතෙක් කිය වූ කතා තුළ ආදරය වෙන් වීම මනා කොට උගත හැකි වූ මෙන් ම හෘදය සංවේදි කොට මා නිරුත්තර කිරීමට සමත් වූ සුවිශේෂි නිර්මාණයක් වශයෙන් ප්‍රියා සමග ඉරිදාවක් හැදින්විය හැකි ය.

මංජුල සේනාරත්න යනු කවදත් මගේ හද තුළ නිදන් ගත වූ සොදුරු වූ මතක තබන්නට සමත් වූ විශිෂ්ට ලේඛකයකු වශයෙන් අර්ථ දැක්විය හැකි ය.12.12.12 සහ බියුරෝ යන කෘති ද්විත්වයෙන් පසු මා මොහුගේ කියවීමට ඇබ්බැහි වූවෙමි.ප්‍රියා සමග ඉරිදාවට අද දින තවත් එක් ඇබ්බැහියක් ලෙස එක් වූ කෘතියක් වශයෙන් සතුටින් කිව යුතු ය.

මෙහි මාගේ සිත මදකට නතර කොට නෙත දහ වතාවකට නොඅඩුව යැවූ පරිච්ඡේදයෙන් මම නවතිමි..✍️
.
.
.
''ගව් ගණනක් ඈත අහසේ වැස්ස පටන් ගනිද්දී ප්‍රියා මගේ ඔඩොක්කුවේ හිස තබා ගත්තාය. ඇය දකුණු අත මගේ ගෙල වටා යන්නට ඇත. එහෙත් ඒ කිසිදු මොහොතක නොදැනුණු නැවුම් බවක් මේ මොහොතේ මට දැනුණේ මම තදින් ඇයව තුරුළු කර ගතිමි. ඇගේ සිරුරේ දුබල අස්ථීන් තවත් දුබල වී කැඩී යන තරමට තදින් මම ඇයව තුරුළු කර ගතිමි. ඇගේ උණුසුම් මට දැනෙන්නට වී ඈත අහසේ යන්තමින් අකුණක් පෙනෙන කළ ප්‍රියා අවසන් හුස්ම හෙළුවාය. ඇගේ සිරුර අප්‍රාණික වී බෙහෙවින් දුබල වී යන අයුරු මට දැනුණි. ලක්ෂ වාරයක් මගේ ගෙල වටා එතුණු ඇගේ දකුණු අත කඩා වැටුණි. එසේ වැටුණේ ඇගේ දකුණු අත නොවේ මා වෙලාගෙන තිබුණු ඇගේ ආත්මය බව මට සිතුණි.."🍃🥀



ග්ලැසේරා - Keshan Hareshu

 #ග්ලැසේරා - Keshan Hareshu



පොත් කතා කලාවට පෑයු තාරකාවක් අතර පෑයු ආගන්තුක තාරකාවක් වශයෙන් කේෂාන් හරේෂු නම් මෙම නිර්මාණවේදියාගේ කුළුදුල් නිර්මාණයෙන් පසුව බිහි වූ විශිෂ්ට නිර්මාණයක් ලෙස ' ග්ලැසේරා ' හැදින්වීමට පුළුවන.

නිල් පැහැති බස් රථයකට නැග ආරම්භ කරන්නා වූ ගමනාන්තය තුළ මුහුණ දීමට සිදු වූ හරි අපූරු සිද්ධි දාමයකි.ස්වීඩනයේ සීතල සීතල හිමවල සිසිලස ගත පොපියා යන හැගීමකින් ත්‍රාසය ,භීතිය රෝම කූපයක් පාසා දැනෙන්නට ගත් නිර්මාණයකි.කුතුහලය පරිච්ඡේදයක් පාසා නොඅඩුව තබා ඉදිරිපත් කර ඇති ඉතා විශිෂ්ට නිමැවුමකි.බසයට නැග ගත් විවිධ මානසිකත්වයන්ගෙන් යුක්ත අට දෙනෙකුගේ බිහිසුණු චාරිකාවකි.

"ග්ලැසේරා" පිළිබද ඊට වඩා එහා යමක් සටහන් තබන්නට යාම අවශ්‍ය නැත.එය තවමත් කියවා නොමැති සහ කියවීමට බලාපොරොත්තු වන්නා වූ පාඨකයා හට කරනා අසාධාරණයක් හෙයින් එය මෙලෙස කියා අවසන් කිරීමට කැමතියි.

පරිවර්තන කෘතියක් කියවනවා දෝ යන හැගීමකින් කියවා නිම කරන ලද හරි අපූරු සිනමා ලෝකයකට කේෂාන් හරේෂු නම් නිහතමානී ලේඛකයකයා අපව රැගෙන ගියා යන්න පිළිබඳ ඉතාමත් සතුටින් කියන්නට හැකි ය.

එසේනම් ඔබටත් ආරධනා කරනවා බසයට නැගී ඒ ත්‍රාසජනක අත්දැකීම ලබා ගන්නට..☺️😌

සන්තියාගෝ නම් සැරිසරන්නා -පාවුලෝ කොයියෝ

 සන්තියාගෝ නම් සැරිසරන්නා

-පාවුලෝ කොයියෝ-

තමන්ගේ ජීවිතයේ සතුට, නිදහස සොයා ගෙන ගිය ගමනේ දී තමන්ට හමු වූ යම් මිනිසුන් කිහිප දෙනෙකු නිසා කොලුවාගේ ජීවිතය වෙනස් මගකට යාවි යැයි ඔහු කෙදිනකවත් සිදු වූ දෙයක් නොවේ....ඔහු එම අරමුණේම ගියේය..ඒ මග ඇත්තෙන්ම අහම්බයකි...

'' තමුන්ට අවශ්‍ය දේ ලබා ගැනීමට සමත්කමක් ඇත්නම් නොදන්නා වූ දෙය ගැන බිය වීමට අවශ්‍යතාවක් මිනිසාට නැත්තේය. - අපි ළඟ තියෙන දේවල් - ජීවිතේ, දේපොළ, අපි සන්තක වස්තු මේ මොනවා උනත් අහිමි වෙනවට අපි බයයි. ඒත් අපේ ජීවිත වගේම ලෝකෙ ඉතිහාසයක් ලියවිලා තියෙන්නේ එකම හස්තයකින් කියලා අවබෝධ උනාම අපේ බය නිකංම වාෂ්ප වෙලා යනවා."

" ....ඒ ඇයි කිව්වොත් මං ජීවත් වෙන්නේ අතීතයේ වත් අනාගතයේ වත් නොවෙන හින්දයි. මගේ මනාපෙ තියෙන්නෙ මේ ගෙවන වර්තමානය ගැන විතරමයි.තමුන්ගේ වර්තමාන ගැන විතරක් හිත යොමන්න ඔයාටත් පුළුවන් වෙතොත් ඔයා හරිම තෘප්තිමත් මිනිහෙක් වේවි. කාන්තාරය ඇතුළෙත් ජීවිතය තියෙන බවත්, මේ ගෝත්‍රිකයෝ රණ්ඩු සරුවල් කරන්නේ ඔවුන් මිනිස් වර්ගයාගේම කොටසක් වීම නිසා බවත් එතකොට ඔයාට පෙනේවි. ජීවිතේ හරියටම මේ අපි ගෙවා දමන නිමේෂය නිසාවෙන් ඔයාට ජීවිතයේ උත්සවයක්, මහා සැණකෙළියක් බවට පෙරළේවි. "

මෙය කියවිය යුතු ම පොතකි.ඔබට ඔබගේ ජීවිතයේ අරමුණු කරා පිය මැනීමේ දී මෙය මහගු පිටිවහලක් වනවා නො අනුමාන ය.


නිල් කට්රොල් - මොහාන් රාජ් මඩවල

 නිල් කට්රොල් - මොහාන් රාජ් මඩවල


'ගෑනියෙකුට දරාගන්ඩම බැරි හැඟීම මොකක්ද දන්නවද? '

'මොකක්ද? '

'එයා මිනිහෙකුට ආදරය කරනවාට වඩා ඒ මිනිහා එයාට ආදරේ කරනව කියල දැනෙන හැඟීම..'

අතීතයෙන් අනාගතයත් අතර දෝලනය වන කාල පරාසයන් දෙකක් අතීත සීගිරි අප්සරාවන්ගේ මතක පොත විවර කරමින් සීගිරිය යුගය දක්වා පාඨක සිතට ගෙන යාම සඳහා මොහාන් රාජ් මඩවල ලේඛකතුමන් දරා ඇති ප්‍රයත්නය අති විශාල කොට සැලකිය හැකිය.

අනාගතයෙන් ආරම්භ වී සෙමෙන් සෙමෙන් අපව අතීතයට රැගෙන යන්නේ අපිටවත් නොදැනීය.විටෙක මෙය උපුලීගේ කතාවයි, විටෙක මෙය කාශ්‍යපගේ කතාවයි , තවත් විටෙක අත්භූත සිත්තරෙකුගේ කතාවයි.මේ සියලු දෙනාගේ කතා තුළ ජීවත්වන අපගේ සිත මෙතරම් දුර අතීතයකට රැගෙන ගොස් එකවිටම වර්තමානයට රැගෙන එයි.

මෙය ඔබත් මමත් හඳුනන සීගිරියේ කතාව ද..?

මොහාන් රාජ්ගේ ලේඛන ශෛලිය පිළිබඳ අමුතුවෙන් කිව යුතු නැත. ගොදුරක් ඉතා සෙමින් ඩැහැ ගන්නා කොටියෙකු මෙන් අපගේ සිත අපටත් නොදැනීම ඩැහැ ගැනීමට සමත් වූ ලේඛකයකු වශයෙන් මොහු හඳුන්වා දිය හැක.

මා කියවූ ඉතාමත් වෙනස්ම ගණයේ කෘතියක් කිවහොත් නිවැරදියි.මේ අතීතයෙන් ඒමට තිබූ දැඩි ලෝභීත්වයෙන් ඉතාමත් සෙමින් කියවා නිම කොට දැමූ කෘතියක් කියා කිව හැකිය. ඒ වැල් මී සුවඳ විඳින්නට විදින්නට ඔබත් මෙය කිය විය යුතු ම කෘතියක් වශයෙන් කිව යුතු ය.

' හැමතැනම පැතිරෙන හාහෝව නිසා මාත් හොරෙන් ගියා ඔය ගල් ගුහාවට විෂ වායුව බලන්ඩ...ඒක එහෙම මළ ඉලව්වක් නෙමෙයි..මට හොදටම විශ්වාසයි , ඒ මී පැණි මිශ්‍ර වැල්මී සුවද බව...'




මීෂා - මුතුමුදලිගේ නිශ්ශංක

 මීෂා - මුතුමුදලිගේ නිශ්ශංක ත්‍රාසය කුතුහලය රැගත් ක්ෘති කියවීමට අප බොහෝ සෙයින් ප්‍රිය කරයි.මාගේ කතාබහ සදහා මෙවර තෝරා ගැනීම බිහිසුණු කතා ශා...