Monday 29 May 2023

ප්‍රියා සමග ඉරිදාවක් - මංජුල සේනාරත්න

 ප්‍රියා සමග ඉරිදාවක් - මංජුල සේනාරත්න



ආදරය පුද්ගල ජීවිතයට අවැසි දෙයකි.එම ආදරය අප විවිධ වූ අවස්ථාවන් වල විවිධ වූ තැන්වල මෙන් ම විවිධ වූ පුද්ගල සබදතා තුළින් අප ලබා ගන්නේ ය.ඒ අන්දමට එක කෘතියක් තුළ විවිධ වූ හදවත් රාශියක් එකලු කරන්නට සමත් වූ කෘතියක් වශයෙන් "ප්‍රියා සමග ඉරිදාවක්" දැක්විය හැකිය.

මෙහි හමුවනා චරිත හරි සුන්දර ය.ඇතැම් චරිත් ප්‍රශ්නාර්ථයක් ද ගෙන දුන්නේ ය.නුවන් නාමලී ,සරත් නාලිනී ,නදීකා ,හරන් රාධා , සෙනවිරත්න ප්‍රියංකා ආදී වූ මේ සියලු ආදර අන්දරයන් තුළින් අපට පසක් කරන්නේ එකිනෙකට වෙනස් වූ ආදරයන් ය.

මෙම කතා සියල්ල කියවා යන විට ආදරය කියන දේ තදින් ම සිතට දැනුණු තැන් මෙන් ම ප්‍රිය විප්පයෝගයම හෘදය වස්තුවට ම කා වද්දන අන්දමින් මා හට දැනෙන්නට විය.විරූපික දරුවෙකුට ආදරය රාධාගේ උතුම් මව් ගුණය සේ ම දරුවන් සමග ජෑම් ගස් යට හෙවණේ වරු ගණන් හීන දකිනා ප්‍රියාගේ මාතෘත්වය ද සෙනෙහය හද තුළ පුරවන්නට සමත් විය.

මේ කතා සියල්ලන් ගෙන් වඩාත් සිත් ගත් මෙන් ම අනෙක් සියල්ලම අමතක කොට හිත නිවෙනා ආදරයකට රැගෙන යන්නා වූ සොදුරුතම තැන ප්‍රියා සහ සෙනෙවිරත්න ආදරය අවසන් නොවී තිබුණා නම් කියා සිතුණු වාර මා හට අනන්තය අප්‍රමාණය.

මා මෙතෙක් කිය වූ කතා තුළ ආදරය වෙන් වීම මනා කොට උගත හැකි වූ මෙන් ම හෘදය සංවේදි කොට මා නිරුත්තර කිරීමට සමත් වූ සුවිශේෂි නිර්මාණයක් වශයෙන් ප්‍රියා සමග ඉරිදාවක් හැදින්විය හැකි ය.

මංජුල සේනාරත්න යනු කවදත් මගේ හද තුළ නිදන් ගත වූ සොදුරු වූ මතක තබන්නට සමත් වූ විශිෂ්ට ලේඛකයකු වශයෙන් අර්ථ දැක්විය හැකි ය.12.12.12 සහ බියුරෝ යන කෘති ද්විත්වයෙන් පසු මා මොහුගේ කියවීමට ඇබ්බැහි වූවෙමි.ප්‍රියා සමග ඉරිදාවට අද දින තවත් එක් ඇබ්බැහියක් ලෙස එක් වූ කෘතියක් වශයෙන් සතුටින් කිව යුතු ය.

මෙහි මාගේ සිත මදකට නතර කොට නෙත දහ වතාවකට නොඅඩුව යැවූ පරිච්ඡේදයෙන් මම නවතිමි..✍️
.
.
.
''ගව් ගණනක් ඈත අහසේ වැස්ස පටන් ගනිද්දී ප්‍රියා මගේ ඔඩොක්කුවේ හිස තබා ගත්තාය. ඇය දකුණු අත මගේ ගෙල වටා යන්නට ඇත. එහෙත් ඒ කිසිදු මොහොතක නොදැනුණු නැවුම් බවක් මේ මොහොතේ මට දැනුණේ මම තදින් ඇයව තුරුළු කර ගතිමි. ඇගේ සිරුරේ දුබල අස්ථීන් තවත් දුබල වී කැඩී යන තරමට තදින් මම ඇයව තුරුළු කර ගතිමි. ඇගේ උණුසුම් මට දැනෙන්නට වී ඈත අහසේ යන්තමින් අකුණක් පෙනෙන කළ ප්‍රියා අවසන් හුස්ම හෙළුවාය. ඇගේ සිරුර අප්‍රාණික වී බෙහෙවින් දුබල වී යන අයුරු මට දැනුණි. ලක්ෂ වාරයක් මගේ ගෙල වටා එතුණු ඇගේ දකුණු අත කඩා වැටුණි. එසේ වැටුණේ ඇගේ දකුණු අත නොවේ මා වෙලාගෙන තිබුණු ඇගේ ආත්මය බව මට සිතුණි.."🍃🥀



30 comments:

  1. ❤️❤️

    ReplyDelete
  2. woww😻😻😻

    ReplyDelete
  3. Great work ❤️

    ReplyDelete
  4. Great ❤️

    ReplyDelete

Thank you

මීෂා - මුතුමුදලිගේ නිශ්ශංක

 මීෂා - මුතුමුදලිගේ නිශ්ශංක ත්‍රාසය කුතුහලය රැගත් ක්ෘති කියවීමට අප බොහෝ සෙයින් ප්‍රිය කරයි.මාගේ කතාබහ සදහා මෙවර තෝරා ගැනීම බිහිසුණු කතා ශා...