Monday 29 May 2023

නිල් කට්රොල් - මොහාන් රාජ් මඩවල

 නිල් කට්රොල් - මොහාන් රාජ් මඩවල


'ගෑනියෙකුට දරාගන්ඩම බැරි හැඟීම මොකක්ද දන්නවද? '

'මොකක්ද? '

'එයා මිනිහෙකුට ආදරය කරනවාට වඩා ඒ මිනිහා එයාට ආදරේ කරනව කියල දැනෙන හැඟීම..'

අතීතයෙන් අනාගතයත් අතර දෝලනය වන කාල පරාසයන් දෙකක් අතීත සීගිරි අප්සරාවන්ගේ මතක පොත විවර කරමින් සීගිරිය යුගය දක්වා පාඨක සිතට ගෙන යාම සඳහා මොහාන් රාජ් මඩවල ලේඛකතුමන් දරා ඇති ප්‍රයත්නය අති විශාල කොට සැලකිය හැකිය.

අනාගතයෙන් ආරම්භ වී සෙමෙන් සෙමෙන් අපව අතීතයට රැගෙන යන්නේ අපිටවත් නොදැනීය.විටෙක මෙය උපුලීගේ කතාවයි, විටෙක මෙය කාශ්‍යපගේ කතාවයි , තවත් විටෙක අත්භූත සිත්තරෙකුගේ කතාවයි.මේ සියලු දෙනාගේ කතා තුළ ජීවත්වන අපගේ සිත මෙතරම් දුර අතීතයකට රැගෙන ගොස් එකවිටම වර්තමානයට රැගෙන එයි.

මෙය ඔබත් මමත් හඳුනන සීගිරියේ කතාව ද..?

මොහාන් රාජ්ගේ ලේඛන ශෛලිය පිළිබඳ අමුතුවෙන් කිව යුතු නැත. ගොදුරක් ඉතා සෙමින් ඩැහැ ගන්නා කොටියෙකු මෙන් අපගේ සිත අපටත් නොදැනීම ඩැහැ ගැනීමට සමත් වූ ලේඛකයකු වශයෙන් මොහු හඳුන්වා දිය හැක.

මා කියවූ ඉතාමත් වෙනස්ම ගණයේ කෘතියක් කිවහොත් නිවැරදියි.මේ අතීතයෙන් ඒමට තිබූ දැඩි ලෝභීත්වයෙන් ඉතාමත් සෙමින් කියවා නිම කොට දැමූ කෘතියක් කියා කිව හැකිය. ඒ වැල් මී සුවඳ විඳින්නට විදින්නට ඔබත් මෙය කිය විය යුතු ම කෘතියක් වශයෙන් කිව යුතු ය.

' හැමතැනම පැතිරෙන හාහෝව නිසා මාත් හොරෙන් ගියා ඔය ගල් ගුහාවට විෂ වායුව බලන්ඩ...ඒක එහෙම මළ ඉලව්වක් නෙමෙයි..මට හොදටම විශ්වාසයි , ඒ මී පැණි මිශ්‍ර වැල්මී සුවද බව...'




12 comments:

Thank you

මීෂා - මුතුමුදලිගේ නිශ්ශංක

 මීෂා - මුතුමුදලිගේ නිශ්ශංක ත්‍රාසය කුතුහලය රැගත් ක්ෘති කියවීමට අප බොහෝ සෙයින් ප්‍රිය කරයි.මාගේ කතාබහ සදහා මෙවර තෝරා ගැනීම බිහිසුණු කතා ශා...